හුගක් අය කියන මෝඩ කතාවක් තමා... "අනේ මට C පුළුවන් ඒ උනාට C++ අමාරුයි, VB අමාරුයි, java නම් බෑ" වගේ එව්වා.ඒක කිසිම පදනමක් නැහැ.
මෙහෙමයි දැන් ලංකාවේ දොස්තර කෙනෙක්ට බෙහෙත් කරන්න පුළුවන් ලංකාවේ මනුස්සයෙකුට විතරද?
ලංකාවේ මනුස්සයෙක් වගේ නෙවේ ඇමරිකාවේ කළු ජාතිකයෙක්,ඊට වඩා වෙනස් ඉයිරිෂ් ජාතිකයෙක් ඒගොල්ලන් වෙන වෙන පැති වලින් වෙන වෙනම සිතුම් පැතුම් තියන අය.... ඒ උනාට ඇතුලේ පාර්ට්ස් ඔක්කොම එකයි. වකුගඩුවක් නම් හැමෝගෙම එකයි.... බැලූ බැල්මට පිටින් වෙනස් වගේ උනාට ඇතුලෙන් එකයි...මන් කියන අයිඩියා එක තේරෙනවා නෙහ්,,,,
පරිගණක භාෂා කියන්නෙත් අන්න ඒ වගේ.. පෙනුම හැඩහුරුකම් වෙනස් උනාට පදනම සංකල්ප එකයි... C වගේ එකක් ඉගෙන ගත්තම ඔයාට වෙන භාෂාවකට යන්න ඕන උනාම,,,,එකේ තියන ගුණාංග ටික, රටාව අල්ලගෙන කරගෙන යන්න තියෙන්නේ...
හරි දැන් ඔයා අර සොෆ්ට්වෙයා කෑල්ල දාගෙන ඇති කියලා හිතනවා.. මතක ඇතුව අර compiler setting reset කරන්න....
හ්ම්ම්... දැන් අපි සුට්ටිම සුට්ටි code කෑල්ලක් ලියන්න යන්....
#include <stdio.h>
main()
// my first program.....
{
printf("My First C Program") ;
}
මේක මුල ඉදන් පැහැදිලි කරන්නම්,, ඇත්තෙන්ම මේකෙන් ඔයා ඉගෙන ගන්නේ C භාෂාවේ ආකෘතිය...
කරනවා අපි පස්සේ පාවිච්චි කරන උපදෙස් වලදී කොහොමද වැඩකරන්න ඕන කියන උපදෙස් මේ stdio.h කියන file එකේ තියනවා.
* main(){.............} -- මේක බලන්න, මේක ආකෘතියක් මේක අස්සේ තමා ඔයා C වලින් ඔයා දෙන
උපදෙස් ටික ලියන්නේ.මම නම් ඒක අස්සේ printf("My First C Program") කියලා
උපදෙසක් දීලා තියනවා.අපි C වලින් code ලියද්දි ඒක කරන පිළිවෙලක් තියනවා,
ඒක නීතියක් නෙවේ නමුත් එකට හුරු වෙන්න. එතකොට code එක පැහැදිලි
වගේම ලස්සනයි..
main() කියන function එක තමා code එකේ මුලින්ම වැඩ කරන්නේ.. මේක අස්සේ
තියන දේවල් අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරනවා....
දැන් මේ main කියන function එකේ සීමාව තමා සඟල වරහන් දෙකෙන්
පෙන්නන්නේ.. ඒ වරහන් හරියටම එකක් යටින් එකක් එන විදියට ලියන්න,, එක
code එක පිළිවෙලට තියා ගන්න පුළුවන් රීතියක්..
#include <stdio.h>
main() {
printf("My First C Program") ;
}
#include <stdio.h>
main()
{
printf("My First C Program") ;
}
ඔයා code ලියන්න අලුත් කෙනෙක් නම් මන් තදින්ම කියන්නේ උඩ තියන විදියට ලියන්නම එපා. යට තියනවා වගේ හුරු වෙන්න,, එක හුඟක්ම වැදගත්.. එත් දැනටමත් ඔයා උඩ තියන විදියට සඟල වරහන් දාන්න හුරු වෙලා නම් එක වෙනස් කරන්න යන්නත් එපා.. එත් කොහොම උනත් යට තියන එක පිළිවෙලයි කියල තේරෙනවා නෙහ්,, ඔය ආකෘති දෙකේ කිසිම වැරද්දක් නෑ, දෙකම හරි, නමුත් සංකීර්ණ code ලියද්දීන් ඔයාටම හිතෙයි යට ආකෘතිය හොදයි කියලා.
යට code එකේ රතු සඟල වරහනින් main function (function කියන්නේ උපදෙස් මාලාවක් අඩංගු මල්ලක් වගේ දෙයක්...) එකේ ආරම්භය දැක්වෙනවා...කොළ වරහනින් අවසානය දක්වනවා. ඒ අස්සේ තමා අපේ උපදෙස් ටික ලියන්නේ.. හරි නෙහ්...දැනට ඔය අදහස ගත්තම හොදටම ඇති.
*printf("My First C Program") -- දැනටම තේරෙනවා නේද මේක මොකක් හරි උපදෙසක් කියලා.
මේකෙන් කරන්නේ My First C Program කියන එක පරිගණක තිරය
මත පෙන්නන එක.
printf ( " " ) -- මෙන්න මේක තමා උපදෙස.. හොදද...ඔයාට තිරය මත දිස් වෙන්න ඕන දේ,, " "
සලකුණු දෙක අතරේ ලියන්න. හිතන්න ඔයාට computer කියල ප්‍රින්ට් කරන්න
ඕන කියලා...
එක ඔයාට භාරයි.ඕක එක එක විදියට test කරලා බලල ඒක ඇගට දාගන්න එකත් ඔයාට
භාරයි. උදාහරණක් විදියට....printf (" printf _computer") ගහල
මොකද වෙන්නේ හිස්තැන් කොහොමද යෙදෙන්නේ.එතන තියන printf එකෙන් වැඩක් වෙනවද..අන්න එහෙම,,,,
දැන් බලමු C වලදී වැදගත් වෙන පොඩි පොඩි සිද්දි ටිකක්.. යට ආකෘති දෙකකින් code දෙකක් දාලා තියෙන්නේ..බලන්න ඒවායේ හිස්තැන් යෙදිලා තියන් හැටි, එත් ඔය දෙකම හොදට වැඩ කරනවා..
ඔයා පයිතන් වගේ කරලා තියනවා නම් දන්නවා ඇති හිස්තැන් හරියට පිළිවෙලට නැත්තම් code එක වැඩ
කරන්නේ නැහැ. නමුත් C වල මෙහෙම ප්‍රශ්නයක් නැහැ.
include <stdio.h>
main()
{
printf("My First C Program") ;
}
#include <stdio.h>
main ()
{
printf ( "My First C Program");
}
ඒකට හේතුව තමා.. අපි කොහොම code එක ලිව්වත් අනවශ්‍ය හිස්තැන් compiler එක ගණන් ගන්නේ නැති එක.දැන් ඔය code දෙකම compiler එක compile කරන්න ගියාම එයා code දෙකම දකින්නේ මෙන්න මෙහෙමයි.
#include<stdio.h>main(){printf("My First C Program");}
හරිද..අන්න ඒ හේතුව නිසා අපිට ඕන විදියකට code ලියන්න පුළුවන් C වලින්..නමුත් මේකෙදි හැම හිස් තැනකම, හැම හිස් පෙළක්ම මග අරින්නේ නැහැ..හොදද....මග අරින්නේ නැති තැනුත් තියනවා.ඒවා මන් කියන්නම්...දැන් ප්‍රශ්නයක් ඇති නේද කොහොමද උපදෙස් වෙන වෙනම compiler එකෙන් අදුර ගන්නේ කියලා.ඒකට තමා සඟල වරහන්, වරහන් වගේ දේවල් පාවිච්චි වෙන්නේ,,හරිද..
තව දෙයක්,,, හිතන්නකෝ main function එක අස්සේ තව උපදෙසක් තිබ්බ කියලා. හරියට
printf("i love C") වගේ.... අහ්, එතකොට මෙහෙමයි. බලන්න printf("My First C Program") ; මේකේ
අගින් ; ලකුණක් තියනවා... අන්න එයා තමා main function එක අස්සේදී උපදෙස් දෙකක් වෙන් කරන්නේ.ඒක හරිම වැදගත්.. ඒක අමතක් වෙලා ගියොත් අපරාදේ code එකම හරියට ලිව්වත් වැඩ කරන්නේ නෑ.
#include <stdio.h>
main()
{
printf("My First C Program") ;
printf("i love C");
}
හරි නේද.. දැන් ඕක compiler එකට පේන හැටි බලන්න...
#include <stdio.h>main(){printf("My First C Program");printf("i love C");}
හිතන්නකෝ ඔයාට එක ; එකක් මිස් උනා කියලා..
#include <stdio.h>main(){printf("My First C Program")printf("i love C");}
දැන් බලන්නකෝ compiler එක එයාගේ වැඩේ කරන්න ගියාම අසරණ වෙනවා..එයාට code line දෙක වෙන වෙනම පේන්නේ නෑ, අන්න ඒ හින්ද එයා error එකක් දෙනවා......
දැන් ප්‍රශ්නයක් ඇති නේද කොහෙද ඔය code එක ලියන්නේ..එක කෑල්ලක් අමතක උනා නේද( // my first program.....).. අහ්හ්? මොකද්ද compiler එක කියන්නේ.. එකේ වැඩේ මොකද්ද කියල..
මතකද මන් කිව්ව "කම්පියුටර් කියන්නේ හිත පිත් නැති සිලිකන් ජර්මේනියම් ගොඩක්" කියල,, උට තේරෙන්නේ 0,1 විතරක් කියලා...ම්ම්ම්... compiler එක කරන්නේ අපි මෙහෙම අපිට තේරෙන C වලින් ලිව්ව
code එක කම්පියුටරේට තේරෙන 1,0 ගොඩක් විදියට හරවල හදල දෙන එක.. compiler එක හරියට පරිවර්තකයෙක් වගේ වැඩ කරන්නේ,,,
හරි ඉතුරු ටික ඊලග ලිපියට....
No comments:
Post a Comment