Arduino

search

Sunday, November 8, 2020



ඔයාල නිකම් ප්‍රාතිහාර්ය වෙනකම් බලාන ඉන්නේ නැතුව දන්න ටිකෙනුයි google එකේ පිහිටෙනුයි මොනවා හරි ඇගට දාගෙන ඇති කියලා හිතනවා මම. හරි,,, අද ටිකක් ඉස්සරහට යන්, අද කරන්නේ පාඩමක් නෙවේ,, කොහොමද පරිගණක භාෂාවක් හැදෙන්නේ, ඇයි එහෙම වෙන්නේ, කියලා කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්න, 

පොඩි වැඩක් තියනවා ඔයාට, "i love C" කියලා 5ස් පාරක් එක  දිගට print කරන්න...දැන් ඔයා කරන්න,,කලින් අපි ලිව්ව code එකම edit කලත් කමක් නෑ, අලුතෙන් empty file එකක් හැදුවත් කමක් නෑ. වැඩේ අවුල් නම් විතරක් යට තියනවා තියනවා code එක 




වැඩේ ගොඩ නෙහ්,

දැන් තව වැඩක් තියනවා.. "i love c" කියල 179 පාරක් print කරන්න.මරු නෙහ්,, හරි.. ඕකට විසදුමක් තියනවා, අන්න ඒ වගේ එකම වැඩේ කීප වරක් කරගන්න ඕන උනාම loop කියල දෙයක් තියනවා.

#මතක තියාගන්න loop වලින් අපිට එකම වැඩක් කීපවාරයක් කරගන්න පුළුවන්.

හරි දැන් වැඩක් තියනවා,, 1 ඉදන් 179 වෙනකම් print කරන්න, හරි,, දැන් මේකෙදි එකම දේ නෙවෙයි නේද print කරන්නේ,,, එත් print කරන එක මේකෙදිත් කීපවරක් වෙනවා,, ඒකටත් ක්‍රම තියනවා.ඉස්සරහට බලමු...

තව දෙයක් හිතන්න අපි 0ත් 100ත් අතර සංඛ්‍යාවක් ඇතුලත් කලාම ඒක 50ට අඩු නම් "fail" කියලත් 50 හෝ 50ට වැඩි නම් "pass" කියලත් print කරන්න ඕන උනා කියලා.පේනව නේද මෙතන තර්කයක් වෙනවා, තෝරාගැනීම් දෙකක් තියනවා, එක්කෝ pass එක්කෝ fail, මේ වගේ එක එක conditions මත තෝරාගැනීම් කරන්න ඕන උනාම අපි if statement වගේ දේවල් යොදා ගන්නවා.if කියන එකේම තේරුම වුනොත් කියන එක නෙහ්, ඉතීම් code එකෙත් තේරුම ඒකම තමා.එහෙම උනොත් මෙහෙම කරන්න කියන දේ code එකේදී කියන්නේ මේ if ආකෘතිය යොදාගෙන.

වැදගත් දෙයක් .. ඔයාලගේ codeblocks සොෆ්ට්වෙයා එක වැඩ නැත්තම් මම කලින් ලිපියක දීල තියන සොෆ්ට්වෙයා එක download කරලා එකේ කියල තියන වැඩ ටික කරලා ට්‍රයි කරන්න එත් නැත්තම් මට මැසේජ් එකක් දාන්න.

ඊලග ලිපියෙන් හම්බෙමු.

Friday, November 6, 2020

C start

 දැන් ඔයාගේ codeblocks සොෆ්ට්වෙයා එක open කර ගන්න....



ඕකේ උඩ කොනේ තියන icon එකෙන් new empty file එකක් open කරගන්න....



දැන් ඔයාට අලුත් file එකක් open වෙයි. ඔයා code එක ලියන්න පටන් ගන්න කලින් ඕක name.c කියල save කලොත් ඔයාට මේ සොෆ්ට්වෙයා එකෙන් code එකේ මුල් අකුරු 2 3 ගහද්දීම code එක suggest කරනවා. ඉගෙනගන්න කෙනෙකුට ඒක උදව්වක් නෙවේ, එහින්ද මුලින් code එක ලියල පස්සේ save කරන්න...



හරි දැන් අපේ මුල්ම code එක ලියමු, copy paste නෙවේ,, ලියමු....








හ්ම්ම්, ඕක දැන් computer එකට තේරෙන විදියට 0,1 වලට හරවන්න එපැයි. ඒක කරන්න කලින් අපි මේක C file එකක් විදියට save කරමු.... ctrl+s ගහන්න,,(save කරන්න කියල දෙන්න උවමනාවක් නෑ,අමුතුවෙන්) දැන් මේක නිකම්ම save කරන්න එපා අපිළිවෙලයි නෙහ්, ඒ හින්දා අලුත් folder එකක් අස්සේ save කරගන්න...මොකද ඉස්සරහට යද්දින් ඒ folder එක ඇතුලේ තව file දෙක තුනක් හැදෙනවා, නිකම්ම desktop එකේ save කලොත් ඒ හැදෙන එව්වත් එක ගොඩේ හැදෙයි...


හරි දැන් මුලින්ම 0,1 වලට හරවමු...ඒකට...

ඔය දැති රෝදයක් වගේ තියන icon එක click කරන්න..එකට කියන්නේ build කියලා. එතකොට ඔයාගේ c code එක යන්ත්‍ර භාෂාවට හරවල exe file එකකුත් හදල දෙයි... හරියට build උනා නම් මේ වගේ msg එකක් එයි, එහෙම නැත්තම් ආයෙම code එක බලන්න...

අනික ඔයා save කරපු folder එකට ගිහින් බැලුවොත් exe file එකකුත් හැදිලා ඇති...


හරි නේද?? දැන් ඒ build icon එකටම එහා පැත්තේ තියන කොළ පාට icon එක click කරලා බලන්න,,ඒකෙන් ඔයාගේ code එක run කරනවා.run කරලා බලන්න මොකද වෙන්නේ කියලා. 



හරි නේද....run icon එකට එහා පැත්තේ තියනවා run and build කියල icon එකක්, ඒකෙන් එකපාරම build වෙලා exe එක හැදිලා run වෙනවා.

හිතන්න code එකේ වෙනසක් කළා කියලා, එතකොට අලුත් code එක run කරන්න කරන්න ඕන නම් build and run button එක click කරන එක..

❤මතකද අපි පොඩි කෑල්ලක් මග ඇරලා අවා.... (// my first program.....) මේක උපදෙසක් නෙවේ,, මේක අපිට උවමනා වෙන්නේ අපේ code එක අස්සේ පොඩි note එකක් දාගන්න උවමනා උනාම තමයි. මේවා comments කියල හදුන්වනවා, compiler එක code එක පරිවර්තනය කරන්න පටන් ගන්නකොට //න් පස්සේ තියන පෙලම නොසලකා හරිනවා, එත් අපි ලිව්ව c file එකේ මේක note එකක් විදියට තියනවා, ඔයාට උවමනා හැම වෙලේම comments use කරන්න ඒක හුඟක් වැදගත්.එතකොට ආයෙම compiler එක ඒ පෙළ නොසලකා හැරියම එයාට code එක පේන්නේ මෙහෙමයි.

comments දානකොට මේ වැරදි දෙක කරන්න එපා.
  #ඔයාගේ code එක බලන එකම කෙනා ඔයා කියලත් හිතන්න එපා
  #ඔයා ලිව්ව comments එකේ තේරුම හැමවෙලේම ඔයාට මතක තියෙයි කියලත් හිතන්න එපා

අර්ථාන්විතව කෙටිව සරලව comments දන්න.. එක code එක තේරුම් ගන්න ලේසි වෙයි..

#include <stdio.h>main(){printf("My First Code");}

දැක්කද, comments පරිවර්තනය වෙන්න අදාළ වෙන්නේ නෑ.

comments දාන්න පුළුවන් තව ක්‍රමයක් තියනවා,    /*  .............*/ මේ format එක අස්සේ ලියන ඕනිම දෙයක් comments වෙනවා.. පහල තියනවා උදාහරනේ,,,


හරි නේද,, දැන් ඔයා codeblocks සොෆ්ට්වෙයා එක පොඩ්ඩක් හුරු වෙන්න.. එක එක එව්වා ලියල try කරලා බලන්න,ප්‍රශ්න තියනවා නම් අහන්න,, ඊළඟ ලිපියෙන් හම්බෙමු.....

Tuesday, November 3, 2020

Basics

  හුගක් අය කියන මෝඩ කතාවක් තමා... "අනේ මට C පුළුවන් ඒ උනාට C++ අමාරුයි, VB අමාරුයි, java නම් බෑ" වගේ එව්වා.ඒක කිසිම පදනමක් නැහැ.

මෙහෙමයි දැන් ලංකාවේ දොස්තර කෙනෙක්ට බෙහෙත් කරන්න පුළුවන් ලංකාවේ මනුස්සයෙකුට විතරද?
ලංකාවේ මනුස්සයෙක් වගේ නෙවේ ඇමරිකාවේ කළු ජාතිකයෙක්,ඊට වඩා වෙනස් ඉයිරිෂ් ජාතිකයෙක් ඒගොල්ලන් වෙන වෙන පැති වලින් වෙන වෙනම සිතුම් පැතුම් තියන අය.... ඒ උනාට ඇතුලේ පාර්ට්ස් ඔක්කොම එකයි. වකුගඩුවක් නම් හැමෝගෙම එකයි.... බැලූ බැල්මට පිටින් වෙනස් වගේ උනාට ඇතුලෙන් එකයි...මන් කියන අයිඩියා එක තේරෙනවා නෙහ්,,,,

පරිගණක භාෂා කියන්නෙත් අන්න ඒ වගේ.. පෙනුම හැඩහුරුකම් වෙනස් උනාට පදනම සංකල්ප එකයි... C වගේ එකක් ඉගෙන ගත්තම ඔයාට වෙන භාෂාවකට යන්න ඕන උනාම,,,,එකේ තියන ගුණාංග ටික, රටාව අල්ලගෙන කරගෙන යන්න තියෙන්නේ...

හරි දැන් ඔයා අර සොෆ්ට්වෙයා කෑල්ල දාගෙන ඇති කියලා හිතනවා.. මතක ඇතුව අර compiler setting reset කරන්න....

හ්ම්ම්... දැන් අපි සුට්ටිම සුට්ටි code කෑල්ලක් ලියන්න යන්....

                     #include <stdio.h>

                     main()

                     // my first program.....

                    {

                          printf("My First C Program") ;

                    }


මේක මුල ඉදන් පැහැදිලි කරන්නම්,, ඇත්තෙන්ම මේකෙන් ඔයා ඉගෙන ගන්නේ C භාෂාවේ ආකෘතිය...

#include <stdio.h> --  මේකෙන් කරන්නේ අපි stdio.h කියන file එක අපේ code එකට ඇතුලත්
                                       කරනවා අපි පස්සේ පාවිච්චි කරන උපදෙස් වලදී කොහොමද වැඩකරන්න ඕන                                                   කියන උපදෙස් මේ stdio.h කියන file එකේ තියනවා.

main(){.............}    -- මේක බලන්න, මේක ආකෘතියක් මේක අස්සේ තමා ඔයා C වලින් ඔයා දෙන
                                      උපදෙස් ටික ලියන්නේ.මම නම් ඒක අස්සේ printf("My First C Program") කියලා
                                      උපදෙසක් දීලා තියනවා.අපි C වලින් code ලියද්දි ඒක කරන පිළිවෙලක් තියනවා,
                                      ඒක නීතියක් නෙවේ නමුත් එකට හුරු වෙන්න. එතකොට code එක පැහැදිලි
                                      වගේම ලස්සනයි..
                                       
                                       main() කියන function එක තමා code එකේ මුලින්ම වැඩ කරන්නේ.. මේක අස්සේ
                                       තියන දේවල් අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරනවා....
                                       දැන් මේ main කියන function එකේ සීමාව තමා සඟල වරහන් දෙකෙන් 
                                       පෙන්නන්නේ.. ඒ වරහන් හරියටම එකක් යටින් එකක් එන විදියට ලියන්න,, එක 
                                       code එක පිළිවෙලට තියා ගන්න පුළුවන් රීතියක්..

#include <stdio.h>                                                             
 main() {                                                                             
  printf("My First C Program") ;                                        
                                                                                               

#include <stdio.h>
main() 
{  
     
printf("My First C Program") ;
 }           

ඔයා code ලියන්න අලුත් කෙනෙක් නම් මන් තදින්ම කියන්නේ උඩ තියන විදියට ලියන්නම එපා. යට තියනවා වගේ හුරු වෙන්න,, එක හුඟක්ම වැදගත්.. එත් දැනටමත් ඔයා උඩ තියන විදියට සඟල වරහන් දාන්න හුරු වෙලා නම් එක වෙනස් කරන්න යන්නත් එපා.. එත් කොහොම උනත් යට තියන එක පිළිවෙලයි කියල තේරෙනවා නෙහ්,, ඔය ආකෘති දෙකේ කිසිම වැරද්දක් නෑ, දෙකම හරි, නමුත් සංකීර්ණ code ලියද්දීන් ඔයාටම හිතෙයි යට ආකෘතිය හොදයි කියලා.

යට code එකේ රතු සඟල වරහනින් main function (function කියන්නේ උපදෙස් මාලාවක් අඩංගු මල්ලක් වගේ දෙයක්...) එකේ ආරම්භය දැක්වෙනවා...කොළ වරහනින් අවසානය දක්වනවා. ඒ අස්සේ තමා අපේ උපදෙස් ටික ලියන්නේ.. හරි නෙහ්...දැනට ඔය අදහස ගත්තම හොදටම ඇති.

*printf("My First C Program") -- දැනටම තේරෙනවා නේද මේක මොකක් හරි උපදෙසක් කියලා.
                                                      මේකෙන් කරන්නේ 
My First C Program කියන එක පරිගණක තිරය
                                                      මත පෙන්නන එක.

printf  ( " " )   -- 
මෙන්න මේක තමා උපදෙස.. හොදද...ඔයාට තිරය මත දිස් වෙන්න ඕන දේ,, "   "
                             සලකුණු
 දෙක අතරේ ලියන්න. හිතන්න ඔයාට computer කියල ප්‍රින්ට් කරන්න
                             ඕන කියලා...

printf  ( "computer" )

                             හරි නෙහ්.... ඔන්න ඕකයි මුලික දේ.. ඒක දැනගත්තම ඒක නිර්මාණාත්මකව භාවිත කරන 
                             එක ඔයාට භාරයි.ඕක එක එක විදියට test කරලා බලල ඒක ඇගට දාගන්න එකත් ඔයාට 
                             භාරයි. උදාහරණක් විදියට....
printf ("            printf              _computer"ගහල
                             මොකද වෙන්නේ හිස්තැන් කොහොමද යෙදෙන්නේ.එතන තියන printf එකෙන් වැඩක්                                     වෙනවද..අන්න එහෙම,,,,


දැන් බලමු C වලදී වැදගත් වෙන පොඩි පොඩි සිද්දි ටිකක්.. යට ආකෘති දෙකකින් code දෙකක් දාලා තියෙන්නේ..බලන්න ඒවායේ හිස්තැන් යෙදිලා තියන් හැටි, එත් ඔය දෙකම හොදට වැඩ කරනවා..
ඔයා පයිතන් වගේ කරලා තියනවා නම් දන්නවා ඇති හිස්තැන් හරියට පිළිවෙලට නැත්තම් code එක වැඩ 
කරන්නේ නැහැ. නමුත් C වල මෙහෙම ප්‍රශ්නයක් නැහැ.

include <stdio.h>                                                                          
main()                                                                                             
{                                                                                                                 
     printf("My First C Program") ;                                                    

}                                                                                                    

#include     <stdio.h>
main   ()
{
     printf      (   "My First C Program");
}

ඒකට හේතුව තමා.. අපි කොහොම code එක ලිව්වත් අනවශ්‍ය හිස්තැන් compiler එක ගණන් ගන්නේ නැති එක.දැන් ඔය code දෙකම compiler එක compile කරන්න ගියාම එයා code දෙකම දකින්නේ මෙන්න මෙහෙමයි.

#include<stdio.h>main(){printf("My First C Program");}

හරිද..අන්න ඒ හේතුව නිසා අපිට ඕන විදියකට code ලියන්න පුළුවන් C වලින්..නමුත් මේකෙදි හැම හිස් තැනකම, හැම හිස් පෙළක්ම මග අරින්නේ නැහැ..හොදද....මග අරින්නේ නැති තැනුත් තියනවා.ඒවා මන් කියන්නම්...දැන් ප්‍රශ්නයක් ඇති නේද කොහොමද උපදෙස් වෙන වෙනම compiler එකෙන් අදුර ගන්නේ කියලා.ඒකට තමා සඟල වරහන්, වරහන් වගේ දේවල් පාවිච්චි වෙන්නේ,,හරිද.. 
තව දෙයක්,,, හිතන්නකෝ main function එක අස්සේ තව උපදෙසක් තිබ්බ කියලා. හරියට  
printf("i love C") වගේ....       අහ්, එතකොට මෙහෙමයි. බලන්න printf("My First C Program") ; මේකේ 
අගින් ; ලකුණක් තියනවා... අන්න එයා තමා main function එක අස්සේදී උපදෙස් දෙකක් වෙන් කරන්නේ.ඒක හරිම වැදගත්.. ඒක අමතක් වෙලා ගියොත් අපරාදේ code එකම හරියට ලිව්වත් වැඩ කරන්නේ නෑ.

#include <stdio.h>
 main()
{
printf("My First C Program") ;
printf("i love C");
}

හරි නේද.. දැන් ඕක compiler එකට පේන හැටි බලන්න...

#include <stdio.h>main(){printf("My First C Program");printf("i love C");}

හිතන්නකෝ ඔයාට එක එකක් මිස් උනා කියලා..

#include <stdio.h>main(){printf("My First C Program")printf("i love C");}

දැන් බලන්නකෝ compiler එක එයාගේ වැඩේ කරන්න ගියාම අසරණ වෙනවා..එයාට code line දෙක වෙන වෙනම පේන්නේ නෑ, අන්න ඒ හින්ද එයා error එකක් දෙනවා......


දැන් ප්‍රශ්නයක් ඇති නේද කොහෙද ඔය code එක ලියන්නේ..එක කෑල්ලක් අමතක උනා නේද(
 // my first program.....).. අහ්හ්? මොකද්ද compiler එක කියන්නේ.. එකේ වැඩේ මොකද්ද කියල..

මතකද මන් කිව්ව "කම්පියුටර් කියන්නේ හිත පිත් නැති සිලිකන් ජර්මේනියම් ගොඩක්" කියල,, උට තේරෙන්නේ 0,1 විතරක් කියලා...ම්ම්ම්... compiler එක කරන්නේ අපි මෙහෙම අපිට තේරෙන C වලින් ලිව්ව
code එක කම්පියුටරේට තේරෙන 1,0 ගොඩක් විදියට හරවල හදල දෙන එක.. compiler එක හරියට පරිවර්තකයෙක් වගේ වැඩ කරන්නේ,,,

හරි ඉතුරු ටික ඊලග ලිපියට....

Monday, November 2, 2020

 C පරිගණක භාෂාව....


කම්පියුටර් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ආස, එහෙම නැත්තම් මුලින්ම පරිගණක භාෂාවක් ඉගෙන ගන්න කෙනෙකුට හරියන විදියට ලිපි ටිකක් දාන්න මන් හිතුව....

හුඟක්ම වෙලාවට පලවෙනි පරිගණක භාෂාව විදියට ඉගෙනගන්නේ C, පයිතන් වගේ එකක්. එත් C ඉගෙනගන්න එක ඉස්සරහට ඉගෙනගෙන යන්න ලේසි... වගේම ඉගෙනගන්නත් ලේසි...ඒ හින්ද C ගැන පොඩි පොඩි දේවල් ටිකක් මන් දාන්නම්, දැන් මේ blog එක ලියන එකේ අරමුණ මේවට අලුත් කෙනෙකුට කොහොමද subject එක අල්ලගන්නේ කියන මිසක්, සොෆ්ට්වෙයා එකක් හදන්නේ කොහොමද කියල උගන්නන එක නෙවේ...

හරි පොඩි දෙයක් කියන්නම්, පරිගණක භාෂා අපිට ඕනි වෙන්නේ පරිගණක වලට කියල වැඩක් කරන්න.
හරියට මෙන්න මේ වගේ,, හිතන්න ඔයාට ඕනි වෙනවා පුංචි සර්කිට් කෑල්ලක් හදන්න,වෙන්න ඕන මෙච්චරයි,
# සර්කිට් එකෙන් උෂ්ණත්වේ මනින්න ඕන,
# මෙයා පොඩි ෆෑන් එකක් on,off  කරන්න ඕන,
# 25C ට අඩු නම් ෆෑන් off කරන්න ඕන,
# 25C හෝ 25C ට වැඩි නම් ෆෑන් එක on කරන්න ඕන.

හරි ඕකේ ඉලෙක්ට්‍රොනික් පැත්ත පොඩ්ඩක් අමතක කරමු, සර්කිට් එකට අපි, කොහොමද ඔය දේවල් ටික කියන්නේ?? අන්න ඒකට තමා පරිගණක භාෂා ඕන, ඉතීම් ඔය දේ පත I7 කම්පියුටරේකට උනත් පොඩි සර්කිට් එකකට උනත් පොදුයි.ඒ කිවේ ඒ දේවල් වලින් වැඩ කරවගන්න, එයාල එක්ක කතා කරන්න අපිට පරිගණක භාෂා උවමනා වෙනවා.

ඉතිහාසේ ඩිංගක් කියන්නම්,
මෙහෙමයි කම්පියුටර් කියන්නේ හිත පිත් නැති සිලිකන් ජර්මේනියම් ගොඩක් heee, උට තේරෙන්නේ 0,1  කියන අවස්ථා දෙක විතරයි.ඇත්තෙන්ම මුල් කාලේ මිනිස්සු පරිගණක එක්ක වැඩ කලේ කෙලින්ම් බයිනරි ලැන්ග්වේජ් එකෙන්ම තමා.හරියට 0000101010100100100010001011111100100010101001001 ඔන්න ඔහොමයි බයිනරි ලැන්ග්වේජ් code එකක් එන්නේ...

ඒක හුඟක්ම අමාරු නිසා පස්සේ කාලෙක පරිගණක එක්කන් කතා බහ කරන්න ඇසෙම්බ්ලි කියන භාෂාව අවා.
මේකේ 0,1 කතන්දර නැහැ කෙලින්ම english short forms තමා තිබ්බේ, ඔය 


assembly language

 
      තියෙන්නේ assembly language code එකක්.....
      ඒක ටිකක් පහසුයි වගේ නේද????


      ඉන් පස්සේ තමා C වගේ භාෂා ආවේ, මේවා හුගක්ම අපි කතා        කරන english වලට ලගයි,මතක තියාගන්න ලේසි.













ඔය ඉතිහාසේ හොදටම ඇති heee....

හරි දැන් බලමු C වලින් code ලියන්න සෙට් වෙන්නේ කොහොමද කියලා...[පොඩි දෙයක් කියන්න ඕන, arduino වලට මන් ලියල තියන මුල් ලිපි ටික පොඩ්ඩක් කියවල එන්න,, එකෙන් තවත් හොද අදහසක් ලැබෙයි..]

මුලින්ම පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා එක install කරගන්න, ඒක මම අමුතුවෙන් කරන හැටි කියල දෙන්න යන්නේ නැහැ, මොකද මොට්ටසොරි ළමයි C ඉගෙන ගන්න එන්නේ නෑ නෙහ්.heee...

හරි සොෆ්ට්වෙයා එක තමයි Code::Blocks ක අරන් install කරගත්තම ඔයා C වලින් code ලියන්න රෙඩී.... එක install කරගත්ත ගමන් මේ වැඩේ කරන්න මතක් කරලා...

(පසුව ලියමි) හුඟක් අය කියනවා එයාලට සොෆ්ට්වෙයා එක හොයාගන්න බෑ කියලා.ඒ හින්ද මන් drive ලින්ක් එකක් දෙන්නම් කෙලින්ම download කරගන්න.මෙහෙම දාන එක නිතිවිරෝදීද දන්නේ නෑ.. hiks..


මුලින්ම, menu bar එකේ setting/compiler කියන එකට යන්න....



ඊට පස්සේ එන වින්ඩොව් එකේ reset default කියන එක දෙන්න,,,, දැන් ඔක්කොම හරි....


හරි එහෙනම්.... ඊලග එකෙන් code එකක් ලියල බලමු...... ප්‍රශ්න තියනවා නම් යටින් දාගෙන යන්න.......

ඔයාල නිකම් ප්‍රාතිහාර්ය වෙනකම් බලාන ඉන්නේ නැතුව දන්න ටිකෙනුයි google එකේ පිහිටෙනුයි මොනවා හරි ඇගට දාගෙන ඇති කියලා හිතනවා මම. හරි,,, අද ටිකක්...