Arduino වලින් LED රටා හදමු.
අද මම කියන්න යන්නේ කලින් ලිපියේ කියපු ක්‍රම වලට LED වලින් රටාවක් හදා ගන්නේ කොහොමද කියලා. ඔයා ඉලෙක්ට්‍රොනික් එහෙම ටිකක් දන්නා කෙනෙක් නම් , 555 වගේ ටයිමර් IC එකක් දාලා කරගන්න පුළුවන් එකේ , මේ code ලියාගෙන දගලන්නේ මොකද කියලා, හිතෙන්න පුළුවන්.
ඇත්තටම මේකේ තියන වටිනාකම LED රටාව නෙවෙයි. මේ code ගොඩනගන හැටි ගැන දැන ගැනීමයි අරමුණ.
මෙම මේකෙදි කියන්න යන්නෙත් LED රටාව ගැන නෙවෙයි . code එක ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ගැනයි.
| මේ කියලා තියන විදියට වයර් arduino එකට ප්ලග් කර ගන්න. |
01.. මුලින්ම බලමු මේකෙදි අපිට ඕනි වෙන pin මොනවද කියලා.
මේක විදුලිය දුන්නම on වෙලා එක දිගට දුවන රටාවක් නිසා අපිට input පින් ඕනි නෑ. අපිට led ගානට output පින් නම් ඕනි වෙනවා. එහෙනම් ඒ පින් ටික arduino එකට අදුන්වලා දෙන්න.
void setup ()
{
pinMode(8,OUTPUT);
pinMode(9,OUTPUT);
pinMode(10,OUTPUT);
pinMode(11,OUTPUT);
pinMode(12,OUTPUT);
pinMode(13,OUTPUT);
}
02.. දැන් රටාව හදමු.
මම නයිට් රයිඩර් රටාවක් තමා හදන්න යන්නේ.ඔයා කලින් ලිපිය බැලුවනම් දන්නවනේ, කොහොමද led එක on , off කරන්නේ, කොහොමද ඒ අතර වෙලාව පාලනය කරන්නේ කියලා.
void loop()
{
digitalWrite(8,HIGH);
delay(390);
digitalWrite(8,LOW);
digitalWrite(9,HIGH);
delay(390);
digitalWrite(9,LOW);
digitalWrite(10,HIGH);
delay(390);
digitalWrite(10,LOW);
digitalWrite(11,HIGH);
delay(390);
digitalWrite(11,LOW);
digitalWrite(12,HIGH);
delay(390);
digitalWrite(12,LOW);
digitalWrite(13,HIGH);
delay(390);
digitalWrite(13,LOW);
digitalWrite(12,HIGH);
delay(390);
digitalWrite(12,LOW);
digitalWrite(11,HIGH);
delay(390);
digitalWrite(11,LOW);
digitalWrite(10,HIGH);
delay(390);
digitalWrite(10,LOW);
digitalWrite(9,HIGH);
delay(390);
digitalWrite(9,LOW);
}
මේක arduino board එකට upload කලාම රටාව එක දිගටම වැඩ කරනවා.
ඔයා බලයි මේ වගේ පොඩි වැඩක් කරගන්න ලිව්ව code එකේ දිග කියලා , නෙහ්. ඇත්තටම කිව්වොත් මේ විදියට code ලියන්නේ නෑ. මේ වගේ දේවල් වලදී loop කියලා ජාතියක් භාවිතා වෙනවා. loop වලදී variable කියලා ජාතියක් භාවිතා වෙනවා. variable වලදී Arithmetic Operators කියලා ජාතියක් භාවිතා වෙනවා. තව loop වලදී සංසන්දනයන් , අවශ්‍යතා සැපිරීම් වගේ දේවලුත් භාවිතා වෙනවා.
ඔය ඉහල කියලා තියන දේ ගොඩක් (හැම එකේම වාගේ < VB , C , C# , C++ , JAVA , python >) language වලට අදාලයි. ඒ කියන්නේ කොයි language එක ගත්තත්,
loop තියනවා , variable තියනවා , Arithmetic Operators තියනවා.
එහෙනම් ඊළඟ ලිපි පෙළ පටන් ගන්නේ Arithmetic Operators වලින්. ඒ පටන් ගන්න ලිපි පෙළ ඉවර වෙන්නේ loop වලින්. ඒ වෙනකොට ඔයාට පුළුවන් ඔයා භාවිත කරන language එකෙන් loop භාවිතා කරන්න. ඇත්තටම කිව්වොත් ඕනිම language වල basic ගොඩක් දුරට එක සමානයි.(ගොඩක් දුරට). ඉතින් ඔය loop වගේ දේවල් එහෙම මම arduino වලට ගැලපෙන්න දාන්නම්, ඒවා වෙන language වලදී ලියන හැටි විතරක් පොඩ්ඩක් වෙනස් වෙයි.
කලින් ලිපි මෙතනින් ගිහින් බලන්න.












