Arduino

search

Wednesday, October 18, 2017

මොනවද මේ MICROCONTROLLERS කියන්නේ?











# මොනවද මේ MICROCONTROLLERS කියන්නේ?
# මොනවද මේ MICROCONTROLLERS වලින් කර ගන්න පුළුවන්?
# මොන වර්ගයේ උපකරණ වලද MICROCONTROLLERS තියෙන්නේ?
# MICROCONTROLLERS සාමාන්‍ය ගෘහස්ත පාවිච්චියට ගන්න පුලුවන්ද?

මේ වගේ ප්‍රාථමික මට්ටමේ ඉඳලා , Arduino , PLC , VB , Eagle CAD වැනි මෘදුකාංග (IDE) , උපකරණ භාවිතයෙන් කාර්මික (industrial) මට්ටමේ නිර්මාණයක් කර ගැනීමට හැකි වන අයුරින් කියවන ඔබට සම්පූර්ණ  දැනුමක් ලබා ගැනීමට හැකි වන අයුරින් මේ ලිපි පෙළ සකසා ඇත.

මේ දාන ලිපි ටික කියවලා ඔයාටත් ,මුලින් සරල හා පස්සේ ඉතාම සංකීර්ණ නිර්මාණයක් වුනත් කර ගන්න පුළුවන්, ආයේ දැනටමත් අමුතුවෙන් මොනවත් දැනගෙන ඉන්න ඕනි නෑ. අද ඉදන් electronic පටන් ගන්න කෙනෙකුටත් හරියන විදියට කියලා දෙන්න තමයි මම මේ ලිපි ටික ලියන්න පටන් ගන්නේ.

අද මුලින්ම MICROCONTROLLERS ගැන බලමු.

 1 . # මොනවද මේ MICROCONTROLLERS කියන්නේ?

          මේ දවස් වල (2017.10 ☺☺☺☺) ඕනි කෙනෙක් දන්නවා IC කියන්නේ මොකද්ද කියලා.
          Integraded Circuit එකක් කියන්නේ ගොඩක් කෑලි (ධාරිත්‍රක,ප්‍රතිරෝදක,තාර්කික ද්වාර,...... වැනි) අන්තර්ගත ඉතාම කුඩා ලෙස නිමවන ලද උපකරණයක්.මේවගේ පාද (pin) 4 වගේ ඉඳලා සිය ගානක් දක්වා තියෙන්න පුළුවන්.



</ Integraded Circuit  වර්ග .........>







 හොදා,,,,,,, < '_' > දැන් දන්නවනේ මොකද්ද IC එකක් කියන්නේ කියලා.......   MICROCONTROLLERS
 කියන්නෙත් බාහිර පෙනුමින් මේ වගේම ,,,,, මීට වඩා වෙනස් කාර්යන් ඉටු කර ගත හැකි උපකරනයක්






<MICROCONTROLLERS වර්ග>


සරලවම කියලා දැම්මොත්,,,,,

MicroControllers කියන්නේ,
භාවිත කරන්නා හට විවිද කාර්යන් සදහා , විවිද ආකාරයෙන් ක්‍රමලේකනය 
කර ගත හැකි , කොටස් මිලියන,බිලියන ගණනක් අඩංගු කුඩා බහුකාර්ය ඉලෙක්ට්‍රොනික උපකරණයකි.  

2 . # මොනවද මේ MICROCONTROLLERS වලින් කර ගන්න පුළුවන්?

      ඒක සරල උදාහරණයකින් පැහැදිලි කරන එක වඩා සුදුසු වෙයි.
     
           ඔයා ගෙදර වතුර ටැංකිය පුරවන්න සේවකයෙක් ගන්නවා  . < '_' >

           මෙයා 24/7 on එකේ ඉන්නේ, මෙයා බලන් ඉන්නවා ටැංකිය හිස්ම වෙනකම්. හිස් වුනාම මෝටරේ on කරනවා. ඒත් ටැංකිය භාගයක් හිස් වුනාට මෝටරේ on කරන්නේ නෑ. තවත් ,, මෙයා රෑ 9 ට ටැංකිය හිස්ම   වුනත් නැතත් පුරවලා තියනවා. උදේ 8 ටත්  ටැංකිය හිස්ම වුනත් නැතත් පුරවලා තියනවා.

සේවකයාට නම් මේ ටික කිව්වාම හරියට කරනවා.

දැන් බලමු මේ වැඩේම MICROCONTROLLER එකකට කියලා කරව ගන්නේ කොහොමද කියලා/. මේකට කටින් කියලා බැනේ.යට තියන රූප සටහනෙන් මේ සිද්දිය MICROCONTROLLER එකට කියලාදෙන විදිය සරලව දාලා තියනවා,
හරි ,,, දැන් අපි බලාන ඉන්නවා MICROCONTROLLER වැඩ කරන හැටි. ඔයාල හිතන්නේ වැඩේ හරි කියලද?    නෑ , නෑ MICROCONTROLLER එක මේකේ කියලා තියන විදිහටමයි වැඩ කරන්නේ ඒ හින්ද වැඩේ හරියට වෙන්නේ නෑ, (What The F###) නෙහ්........ එක තමා... තෙරුනේ නෑ නෙහ්.  ආයෙම අවදානෙන් ගැලීම් සටහන  (ඔය රූපෙට තමා ගැලීම් සටහන කියන්නේ.මේවා ලියන සම්මත ක්‍රම එහෙමත් තියනවා.) දිහා.
     

මේකේ ටැංකිය පුරවන්න කිව්වට පිරුනාම වහන්න කියලා නෑ නේද? ආහ් .. ඒක තමා ....

MICROCONTROLLER කියන්නේ ඉතාම කීකරු සේවකයෙක්, ඒක කවදාවත් අපි කියන කේතයෙන් පිට වැඩ කරන්නෙත් නෑ , තනිවම තීරණ ගන්නෙත් නෑ.ඒ හින්දා ඔයාගේ MICROCONTROLLER එක පාවිච්චි කරලා කරන නිර්මානේ සාර්ථකත්වය රඳා පවතින්නේ තනිකරම ඔයා හදන පරිපථය හා කේතය මත.

දැන් ඔයාලට MICROCONTROLLER ගැන සරල අවබෝදයක් ඇති නෙහ්?



3 . # මොන වර්ගයේ උපකරණ වලද MICROCONTROLLERS තියෙන්නේ?










   අද කාලේ භාවිත වන හැම  ඉලෙක්ට්‍රොනික උපකරණයකම වාගේ MICROCONTROLLERS තියනවා.
අපි මේ ලිපි පෙලේ කියන , හැමෝම මේ දවස් වල භාවිතා කරන arduino වල තියෙන්නෙත් මේ ජාතියෙන් එකක්ම තමා.( ATMega328 ).

   අමුවෙන්ම කිව්වොත් දැන් හැම රෙද්දේම තියෙන්නේ අඩු වැඩි වශයෙන් MICROCONTROLLERS තමා.


4 . #  MICROCONTROLLERS සාමාන්‍ය ගෘහස්ත පාවිච්චියට ගන්න පුලුවන්ද?

අපෝ පුළුවන්.....රුපියල් හත් අට සීයකින් වැඩේ ගොඩ දැම්ම හැකි.

   ඔයාට PC එකක් තියනවා නම්, programmer එකකුත් තියනවනම් වැඩේ ගොඩ. අදාළ IDE එක පාවිච්චි කරලා කේතය ලියලා , programmer එක හරහා MICROCONTROLLER එකට කේතය දාලා , අදාළ පරිපතයට MICROCONTROLLER සෙට් කරාම යකා වගේ වැඩ.
(බය වෙන්න එපා මේවා ඉතාම සරල සිද්දි,,, පස්සේ එන ලිපි වලින් මේවා කරන හැටි කියලා දුන්නම මොනවද කියලා හිතෙයි.)



මේ ලිපියේ, සාමාන්‍ය දැනුමක් තියන කෙනෙකුට නම් ගන්න දෙයක් නෑ. ඒත් අද ඉදන් පටන් ගන්න කෙනෙකුටත් සරලව මේවා දැනෙන විදියට දෙන්න ඕනි නිසා තමා මෙහෙම පටන් ගත්තේ,  ඔයාලගේ comments තමා ඉස්සරහට යන පාර තීරණය කරන්නේ. ඔයාලට තියන ගැටළු වැනි දේ යටින් දාන්න. ඒවා නැති වෙන විදියට ඊලග ලිපි දාන්නම්.ඊලග ලිපියට එන්න ඕනි දේවලුත් යටින් දාන්නකෝ... ... ... ... ... ... 

No comments:

Post a Comment

ඔයාල නිකම් ප්‍රාතිහාර්ය වෙනකම් බලාන ඉන්නේ නැතුව දන්න ටිකෙනුයි google එකේ පිහිටෙනුයි මොනවා හරි ඇගට දාගෙන ඇති කියලා හිතනවා මම. හරි,,, අද ටිකක්...