Arduino

search

Saturday, October 21, 2017

ARDUINO code ලියන්න කලින්.........

මේ ලිපියෙන් arduino එක හා IDE එක ගැන පොඩි විස්තර ටිකක් තමා කියන්න යන්නේ.

A . analog pin
B . digital pin
C . ATmega 328 micro controller
D . reset button
E . USB connector
F . voltage regulator
G . power supply port
H . arduino power output pin
I . 16mhz crystal
J . ATmega32U2
K . serial indicator led 
L  . 13 pin indicator


A . analog pin

මේ pin වලින් අපිට 0-5 v අතර විභවයක් කියවන්න පුළුවන්. ඒ කිව්වේ, 


අපි හිතමු විද්‍යුත් උෂ්ණත්ව මානයකින් 100 c දී 5v කුත් 0 c දී 0v ලබා දෙනවා කියලා. උෂ්ණත්වය වෙනස් වන විට ප්‍රතිරෝදයත් ඒකාකාරීව වෙනස් වනවා යයි උපකල්පනය කරොත්, අපිට හිතන්න පුළුවන් 50 c දී 
විද්‍යුත් උෂ්ණත්ව මානය 2.5 v ක විභවයක් ලබා දෙයි කියලා. ඉතින් අපි ඒ විද්‍යුත් උෂ්ණත්ව මානයෙන් එන විභවය ශ්‍රිතයක් මගින් සෙල්සියස් වලට පරිවර්තනය කර display එකක පෙන්නන ගැජට් එකක් හැදුවොත් arduino එකේ ඔය කියන analog pin වලින් එකකට තමා විද්‍යුත් උෂ්ණත්ව මානයේ output එක දෙන්න ඕනි. මොකද මේ pin වලට පුළුවන් එන විභවය කීයද කියලා කියව ගන්න.

ඒ වගේම මේවාට අපි කියන විභවයක් එලියට දෙන්නත් පුලුවන්. 
ඒ කිව්වේ අපි කිව්වොත් 3.3v ක විභවයක් එලියට දෙන්න කියලා , ඒ pin එකේ විභවය 3.3v වෙනවා.

B . digital pin
මේ pin වලින් අපිට අවස්ථා දෙකක් විතරයි කියවගන්න හෝ එලියට දාන්න පුළුවන්.

ඒ කියන්නේ 0v හෝ 5v කියන අවස්ථා දෙක විතරයි කියවගන්න හෝ එලියට දාන්න පුළුවන්.

ඔයාට හොඳට බැලුවොත් පෙනෙයි සමහර pin no ඉස්සරහින්  " ~ " සලකුණ දාලා තියනවා. (3,5,6,9,10,11) ඒ pin pwm pin ලෙස හදුන්වයි. මේ pin වලින් අපිට analog pin වලින් ගත්තා වගේම විචල්‍ය විභවයන් පිටතට ගන්න පුළුවන්.

analog pin හා digital pin.......

analog pin එකක් ඔයාට ඕනි නම් digital pin එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඔයාට pwm නොවන digital pin එකක් analog pin එකක් විදියට පාවිච්චි කරන්න බෑ.
හැබැයි , digital pwm pin එකකින් analog out එකක් ගනිද්දී හා analog pin එකකින් analog output එකක් ගනිද්දී සිදු වෙන ක්‍රියාවලියේ ලොකු වෙනසක් තියනවා, එකම දේ සිද්ද වුනාට. ඒක මෙතන දාන්නේ නෑ, motor speed control ලිපියකින් වෙනම දාන්නම්.


C . ATmega 328 micro controller

මේක තමා arduino එකේ මොලය. මේකෙන් තමා අපි දාන code එක run කරවන්නේ. මේකත් micro controller එකක්.

D . reset button
ඔයාට code එකක් දුවන අතරේ කරන්ට් එක ගලවන්නේ නැතුව, ඕනි නම් මේක ඔබලා arduino එක reset කරන්න පුළුවන්. එතකොට code එක ආපහු මුල ඉඳලා run වෙනවා.

E . USB connector
මේ තියෙන්නේ ඔය printer වල එහෙම තියන ජාතියේ port එකක්. මේකෙන් ඔයාට arduino එක computer එකට සම්බන්ද කරන්න පුළුවන්.

F . voltage regulator

අපි code එකක්  එහෙම දාලා machine එකකට arduino එක සෙට් කලාම arduino එකට දෙන power එක යන්නේ මේක හරහා. ගොඩක් අය හිතන් ඉන්නේ arduino එකට හරියටම 5v දෙන්න ඕනි කියලා. එහෙම නෑ 15v අඩු 6.5v වැඩි ඕනිම ගානක් දෙන්න පුළුවන් , මේ voltage regulator එක තියන නිසා. ඒ වගේම ගොඩක් සැලකිලිමත් වෙන්න, arduino එකට උපාංග සෙට් කරද්දී. මේකෙන් ගන්න පුළුවන් උපරිම ධාරාව 1.0A යි. ඒ හින්දා ඔයා සෙට් කරන උපාංග 1.0A ට වඩා වැඩි ධාරාවක්  අදිනවා නම් , වෙනම supply දෙන්න අමතක කරන්නේ එපා. මේක ඔය ගෙදර කරන පොඩි පොඩි වැඩ වලට අදාළ වෙන්නේ නෑ. ඒත් industrial වැඩක් කරද්දී මේ ගැන වෙනම අවදානය යොමු කරන්න.

G . power supply port 
අපි arduino එකට supply දෙන්න භාවිතා කරන්නේ මේක. මේකට 6.5-15v වෙනකම් වූ විභවයක් දෙන්න පුළුවන්. මේකට දෙන විභවය කලින් කිව්ව් voltage regulator එක හරහා තමා යන්නේ.

J . ATmega32U2
මතකද මම කිව්වා එකම board එකක programmer එකයි ඔක්කොම ගහලා එවනවා කියලා කලින් ලිපියක කිව්වා. අන්න ඒ programmer එකේ කාර්ය තමා මෙයා කරන්නේ. ඒ කිව්වේ, මෙයා තමා arduino එක හා පරිගණකය එකට සම්බන්ද කරන පාලම වෙන්නේ.


arduino IDE එක 

ඔයාට මතකනේ කලින් ලිපියේ කිව්වා , com port තෝරලා දෙන හැටි. අද බලමු කොහොම code එකක් upload කරන්නේ කියලා.

කොළ කොටුව ඇතුලේ තියන එක එබුවාම code එකේ දෝෂ තියනවද කියලා බලනවා. තියනවා නම් යටින් ඒවා පෙන්නනවා.

රතු කොටුව ඇතුලේ තියන එක එබුවාම code එකේ දෝෂ තියනවද කියලා බලලා නැත්තම් arduino එකට upload කරනවා. හරියට upload උනා නම් done කියලා යටින් වැටෙනවා.

code එක upload වෙද්දී arduino එකේ තියන [K . serial indicator led ]  දැල්වෙයි.

කහ කොටුව ඇතුලේ තියන එක එබුවාම arduino එකෙන් පරිගණකයට එන දත්ත පෙන්නනවා.

ඔය කෝක කරන්නත් කලින් හරියට com port එකයි , board එකයි කලින් ලිපියේ විදියට තෝරලා දෙන්න.

කලින් ලිපි මෙතනින් ගිහින් බලන්න.

No comments:

Post a Comment

ඔයාල නිකම් ප්‍රාතිහාර්ය වෙනකම් බලාන ඉන්නේ නැතුව දන්න ටිකෙනුයි google එකේ පිහිටෙනුයි මොනවා හරි ඇගට දාගෙන ඇති කියලා හිතනවා මම. හරි,,, අද ටිකක්...